මේ සඳහා ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ගරු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ අතර එහිදී විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී කථානායකවරයා සඳහන් කළේ මේ වන විටත් ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද ඉන් ඔබ්බට ගොස් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කටයුතු කොට ඇති බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එසේම අද දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී කථානායකවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සිදු කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
මේ සඳහා සහභාගී වූ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ තම දේශපාලන කටයුතු බාධාවකින් තොරව ආරක්ෂිත පරිසරයක් තුළ පවත්වාගෙන යාමට සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ප්‍රථමයෙන් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙසත් පසුව තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.
